පාසල් විෂයන් සංඛ්‍යාව අඩු කරලා ඉතිරි විෂයන් වලට කරන්න යන දේ මෙන්න.

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Wayomi Feb 25, 2024 11:56 AM GMT
Report

මේ වන විට 06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (24) වරාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.

ඒ, අනුව ඉතිරි විෂයන් 03 සිසුන් වෙසෙන ඒ ඒ පළාත් අනුව ආවේණික කර්මාන්ත ව්‍යාපාර සම්බන්ධ කර ගනිමින් හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවයි.

මේ අතර ඉදිරියේදී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවත් , මේ වනවිට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතරම මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත්වැඩියා කටයුතු වෙනුවෙන් ද කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත්,මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලයේ හැදෑරීමට අවස්ථාව ලබාදීමට එළැඹෙන මාර්තු 05 වනදා සිට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. 

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්..ලබන මාසයේ කරන්න යන දේ මෙන්න..

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්..ලබන මාසයේ කරන්න යන දේ මෙන්න..