තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දුන් තීන්දුව..
Thilini Priyamali
By krishani
මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලිට අද (16) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කළේ ය.
අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙලෙස ඇයට ඇප නියම කළේ ය.
රුපියල් බිලියන ගණනක් වන විවිධ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි නමැත්තියට එරෙහිව මීට පෙර නඩු 8ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවල දී විභාගයට ගැනුණු අතර, එම නඩුකර සඳහා ඇයට මීට පෙර ඇප හිමි ව තිබිණ.
කෙසේවෙතත් රුපියල් පනස් දහසක මුදල් ඇප, රුපියල් මිලියනයක ශරීර ඇප මත මෙලෙස තිළිණි ප්‍රියමාලි ව මුදා හැරුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |