තිළිණිට තිළිණ ගෙන් ඇප හිමිවෙයි..අද සිදුවූ දේ මෙන්න..
මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි නමැත්තියට අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කළා.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙලෙස ඇයට ඇප නියම කළේ, අධිකරණය හමුවේ ගොනු කර තිබූ නව වැනි නඩුකරය විභාගයට ගැනීමෙන් අනතුරුව යි.
රුපියල් බිලියන ගණනක් වන විවිධ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි නමැත්තියට එරෙහි ව මීට පෙර නඩුකර 8ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවල දී විභාගයට ගැනුණු අතර, එම නඩුකර සඳහා ඇයට මීට පෙර ඇප හිමි ව තිබුණා.
රුපියල් පනස් දහසක මුදල් ඇප රුපියල් මිලියනයක ශරීර ඇප මත යි මෙසේ තිළිණි ප්‍රියමාලි ව මුදා හැරුණේ. මේ අතර ඊට අදාළ ඇපකරුවන්ගේ පදිංචි සහතික වත්කම් සහතික ද ඉදිරිපත් කළ යුතු බව සඳහන්.
විදේශ ගමන් ද තහනම් වන අතර, ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යැවිය යුතු බවත් සෑ ම මසක ම අවසාන ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් අධිකරණය විසින් තිළිණි ප්‍රියමාලිට නියෝග කර තිබෙනවා.
එසේ ම අගරු වූ චෙක්පත්වලට අදාළ මුදල් ද ගෙවිය යුතු බවට දැඩි අවවාද මත යි තිළිණි ප්‍රියමාලිට ඇප ලැබී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |