මල්ලි අයියට වෙඩි තබයි..අයියාගේ පහරින් මල්ලි මැරුණු හැටි මෙන්න.
Police
Accident
Murder
Mathale
Pallepola
By Aruna
මාතලේ පල්ලේපොල, පොල්වත්ත ප්‍රදේශයේ අද ( 20) සහෝදරයන් දෙදෙනෙකු සමග ඇතිවු ආරාවුලක් දුරදිග යාමෙන් අයියා විසින් සිදු කළ පහරදිමකදි මල්ලි මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ සැලගම පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි සනත් ජයසිංහ නැමති 27 හැවිරිදි එක්දරු අයෙකි.
වැඩිමහල් සහෝදරයාට බෙහෙත් කොටන තුවක්කුවකින් පාදයට වෙඩි තැබීමෙන් පසු ඔහු විසින් බාල සහෝදරයාට පහරදීමෙන් මෙම අනතුර ඊයේ (19) සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
වැඩිමහල් සහෝදරයාගේ නිවසේදි මෙම ඝාතනය සිදු ව ඇති අතර කාලයක් තිස්සේ දෙදෙනා අතර ආරවුල් තිබි ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
34 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |