දිය නාමින් සිටි තරුණියක්ව හොර රහසේ වීඩියෝ ගත කළ තරුණයා, ගම්මුන්ට මාට්ටු වෙයි

Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 10, 2022 05:20 AM GMT
Report

ළිදක දිය නාමින් සිටි තරුණියක් අනවසරයෙන් වීඩියෝ කරමින් සිටි යාපනය කෝපායි ප්‍රදේශයේ තරුණයෙකු දින දාහතරක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම තරුණයා වෙණුවෙන් පෙනී සිටි නීතිඥයා ඇප ඉල්ලූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළ නමුත් ඇපයක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් එදින තරුණයා වෙණුවෙන් ඉදිරිපත් නො වුණු බව සඳහන්. මේ හේතුවෙන් සැකකරු ව රිමාන්ඩ් භාරයට පත් කළ බව යි වාර්තා වන්නේ.

මෙම තරුණයා කෝපායි ප්‍රදේශයට නුදුරු ගමක තරුණයෙකු වන අතර, ඔහු මහමඟ යමින් සිටිය දී තරුණියක් දිය නාමින් සිටිනු දැය ඇය ව සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබෙනවා.

සිද්ධිය දුටු තරුණිය කෑ ගැසීමට පටන් ගැනීම නිසා ඇගේ ඥාතීන් පිරිසක් පැමිණ තරුණයා ව අල්ලා කෝපායි පොලීසියට බාර දී තිබෙන බව වාර්තා වනවා. කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now