සල්ලි හොයන්න තරුණ යුවළ මහගෙදර කළ හිතාගත නොහැකි අමුතු වැඩේ - අසල්වාසීන් පැමිණිලි කරලා..

Sri Lanka Police Sexual harassment Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 25, 2023 02:25 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

රාගම පොලිසිය පවසන්නේ, ලිංගික ක්‍රියා සිදු කරමින් එම දසුන් වීඩියෝගත කර අන්තර්ජාල වෙබ් අඩවියකට මුදා හරිමින් සිටි තරුණ අඹුසැමි යුවළක් රාගම පොලිස් වසමේ දඹුව ප්‍රදේශයේ නිවෙසකදී අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක සහ ඇයගේ විවාහක ස්වාමිපුරුෂයා වූ 24 හැවිරිදි තරුණයෙකි.

පොලිසිය පවසන්නේ, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තමන්ට නිසි ආදායම් මාර්ගයක් නොමැති නිසා පවුලේ ඇතිවූ ගැටලුවලට පිළියමක් වශයෙන් බිරිඳගේ මවගේ පිටිසර නිවෙසට පැමිණ එහිදී බිරිඳ සමග ලිංගිකව හැසිරී එම දසුන් වීඩියෝ කර වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ වෙබ් අඩවියකට උඩුගත කර එමගින් සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට කටයුතු කළ බවට අනාවරණය වූ බවයි.

සල්ලි හොයන්න තරුණ යුවළ මහගෙදර කළ හිතාගත නොහැකි අමුතු වැඩේ - අසල්වාසීන් පැමිණිලි කරලා.. | The Young Couple Who Were Performing Sexual Acts

පොලීසිය ප්‍රකාශ කළේ, රැකියාවක් නොකර කුලී වාහනවල යමින් නගරයේ ලොකු හෝටල්වලින් ඔන් ලයින් ක්‍රමයට කෑම බීම ඇණවුම් කරමින් නිතර විනෝදකාමි ලෙස කාලය ගත කරන මෙම යුවළගේ සැක කටයුතු හැසිරීම් දුටු අවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණලි නිසා අදාළ නිවෙස පරීක්ෂා කිරීමට කටයුතු කළ බවයි.

සැකකාර අඹුසැමි යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළිකර ගැනීමට හැකිවූ බවත්, එම නිවෙසේ තිබී සැකකරුවන් ඒ සඳහා යොදා ගෙන තිබු ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, වීඩියෝ කැමරාවක් ඇතුළු තවත් උපාංග කීපයක් හමුවූ බවත් පොලිසිය සඳහන් කරයි. අන්තර්ජාලය සම්බන්ධයෙන් ඇති රාජ්‍ය අධිකාරීන් සමග එක්ව රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.