මාසික ආදායම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 - කෝටි ගණන් වත්කම් ඇති ලොව ධනවත්ම යාචකයා සොයාගැනේ.

India Businessman Mumbai
By Wayomi Jul 07, 2023 12:03 PM GMT
Report

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයේ හිඟා කන අයුරු දැක බලා ගත හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා.

දුගීභාවයෙන් දැඩි පීඩාවට පත්, ආර්ථික අපහසුතා වලින් යුත් පුද්ගලයන් යාචකයන් ලෙස හැඳින්වුවද ඇතැමුන් එය ලාභදායි ව්‍යාපාරයක් බවට පත්කරගෙන සිටිනවා.

ලංකවේද එවැනි යාචකයන් නැතුවා නෙවෙයි.

කෝනොමික් ටයිම්ස් සඟරාව වාර්තා කරන පරිදි "භාරත් ජේන්" ලොව ධනවත්ම යාචකයායි.

ඔහු මුම්බායි නගරය අවට මෙම සිඟමන් යැදීම සිදු කරගෙන යමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දළ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක්(ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 28 ක්) වන බවත් මාසික ආදායම ඉන්දීය රුපියල් 60000 ත් 75000 ත් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක්) අතර වන බවත් ඉකොනොමික් ටයිම්ස් සඟරාවේ දැක්වෙනවා.

එමෙන්ම භාරත් ජේන්ට ඉන්දියානු රුපියල් කෝටි 1.2 ක් මහල් නිවාසයක් ද , මසකට ඉන්දීය රුපියල් 30000 ක කුලියක් ගෙවනා ව්‍යාපාරික ස්ථාන දෙකක්ද තිබෙන බව සඳහන්.

ඉකොනොමික් ටයිම්ස් සඟරාව වැඩිදුරටත් වාර්තා කරන්නේ,ධනවත් පුද්ගලයෙකු වීමෙන් පසුවත් ජේන් හිඟා කෑම නවතා නොමැති බවත්, ඔහු දිනකට පැය 10-12 අතර කාලයක් හිඟා කෑමෙන් ඉන්දීය රුපියල් 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක් උපයන බවයි.