කෝටි ගණනක් මිහිදන් වීමට ගෙවිය යුතු නගරය

Hong Kong
By Sithumi Jul 08, 2023 01:04 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ලොව මිල අධිකම දේපල වෙළඳපොළට හිමිකම් කියනු ලබන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බවයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙන්නේ, හොංකොං නගරයේ පවුලේ සාමාජිකයන් අට දෙනකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 430000 ක් පමණ වන බවයි.එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 130 ක්.

හොංකොං නගරයේ මියගිය තැනැත්තෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා සපත්තු පෙට්ටියක ප්‍රමාණයක ඉඩක් මිලදී ගැනීමට මියගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකානු ඩොලර් 53000 ක මුදලක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයක් පමණ)වැය කිරීමට සිදුවන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම දෙදෙනෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 76000ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක්) පමණ වන බවයි.