වෙඩි වරුසාවක් මධ්‍යයේ තුවක්කුකරුවන් කොස්සෙන් ගසා එළවා දැමූ නිර්භීත කාන්තාව - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව සහිතයි -( VIDEO)

India Gun Shooting
By Sewvandhi Nov 28, 2023 01:34 PM GMT
Report

විදෙස් මාධ්‍ය වෙඩි වරුසාවක් මධ්‍යයේ තුවක්කුකරුවන් කොස්සෙන් මෙල්ලකළ අපූරු කාන්තාවක් ගැන පුවතක් වාර්තා කර තිබේ.

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙ හි Bhiwani ප්‍රදේශයේ පුද්ගල ඝාතන සිද්ධියක සැකකරුවෙකු වන Harikishan නමැති පුද්ගලයා ඉලක්ක කර යතුරුපැදි දෙකකින් පැමිණෙන කණ්ඩායමක් විසින් වෙඩි වරුසාවක් එල්ලකර ඇත.

එහිදී එම ස්ථානයේ අසල්වාසී නිවසක සිටින කාන්තාවක් කොස්සක් රැගෙනවිත් එම පිරිසට පහරදීමට උත්සාහ කරන අතර අනතුරුව වෙඩික්කරුවන් පිරිස එම ස්ථානයේ පළාගොස් තිබේ.

කෙසේ වෙතත් වෙඩික්කරුවන් කාන්තාව දෙසට ද වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එය ඇයට නොවැදී ඇති බවයි, එරට පොලීසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ Harikishan නමැති පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ. ඔහු මීට පෙර Ravi Boxer නමැති පුද්ගලයාගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකි.

එම අවස්ථාවේ කාන්තාව විසින් මෙලෙස කොස්සක් ගෙන තුවක්කුකරුවන් මෙල්ලකරන අයුරු දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස හුවමාරු වෙමින් පවතී.

එම අවසථාව පහතින්...