සාරියක් ඇඳගෙන කිලෝමීටර 42කට වඩා මැරතන් දිවුව කාන්තාව. (VIDEO)

By krishani Apr 19, 2023 08:46 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඔඩිෂාවේ කාන්තාවක්, සාරියකින් සැරසී මැරතන් තරගයකට සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අමෙරිකා එක්සත් ජනපදයේ මැන්චෙස්ටර් හි දී ය.

ඒ අනුව මෙම මැරතන් තරගයේ දී 41 හැවිරිදි මධුස්මිතා ජෙනා දාස් පැය 4 යි මිනිත්තු 50 කින් නිමා කර ඇත.

ඇය ලොව පුරා මැරතන් ධාවන තරග රාශියකට සහභාගී වී ඇති අතර ඇයගේ මෙම නවතම දස්කම හේතුවෙන් එක්සත් රාජධානිය තුළ ජනතාව අතර ඇය ජනප්‍රියට පත් විය.

කෙසේවෙතත්, ඔඩීෂාහි සංස්කෘතිය ලොවට ප්‍රදර්ශනය කිරීම ගැන බොහෝ දෙනා ඇයව අගය කර ඇති අතර සාරියක් ඇඳගෙන කිලෝමීටර් 42කට වඩා දුරක් මැරතන් ධාවනයේ යෙදීම සුවිශේෂී අවස්ථාවක් විය.

විඩියෝ දර්ශන - Kalinga Tv Y-Tube Channel