2024 අලුත් අවුරුදු කැවිලි මේසය ගැන හෙළි අලුත්ම අනාවරණය.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනිවාර්ය සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.
‘වෙරිටේ රිසර්ච්’ ආයතනය අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ, කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් 2.2 ක ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම පසුගිය වසරට (2023) වඩා සියයට 2 කින් පමණ සුළු වශයෙන් පහත වැටී ඇති බවත්ය.
මෙම විශ්ලේෂණයේදී පුද්ගලයන් 4 ක් හෝ 5 කින් යුත් නිවසක් සැළකිල්ලට ගනිමින් ආහාර සම්බන්ධ ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක ආහාර වට්ටෝරුව පදනම් කරගත් බවත් රසකැවිලි නිෂ්පාදනයට වැයවන විදුලිය සහ ගෑස් මෙහිදී සැළකිල්ලට ගෙන නොමැති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසනවා.
මෙම සමීක්ෂණය සඳහා 2019, 2023 සහ 2024 වන වසරවල අප්‍රේල් මස පළමු සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සාමාන්‍ය මිල සහ සෘජුවම ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත් මිල බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වැඩි දුරටත් සඳහන් කරනවා.