දියණිය කැලයට රැගෙන ගොස් බලෙන් අතවර කළ නරුම පියා..දියණියව ඝාතනය කර, මළසිරුර සමඟත් ලිංගිකව හැසිරිලා..මුලු ලොවක් කම්පා කළ සිදුවීම.
අපි කතාවට කියන්නෙ දුවෙක්ගේ සමීපම රැකවලා “තාත්තා” කියලයි..
ඒත් අද අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක අපිට “පිය සෙනෙහස” ගැන වරුණා පද ගොතන්න බැරි තරම්...
ඒ ඇතැම් සිදුවීම් එපමණක් පිළිකුල් සහගත යි !
මේ කියන්න හදන්නෙත් ඒ වගේ කතාවක්. කතාව ඇහෙන්නෙ අසල්වැසි ඉන්දියාවෙන්.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ එක්තරා ගම්මානයකින් වාර්තා වූ මේ ඛේදජනක සිදුවීම දෙසට මේ වන විට මුලු ඉන්දියාවේ අවධානය යොමුව ඇති අතර, බොහෝ දෙනෙක් එය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
40 හැවිරිදි පුද්ගලයෙක් සිය ලෙයින් උපන් දියණිය ඝාතනය කර ඇගේ නිසල සිරුර සමඟ ලිංගිකව එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
එවන් තත්ත්වයක් තුළ මෙම පුද්ගලයා පොලිසියට පැමිණිලි කර තිබුණෙ තම 14 හැවිරිදි දියණිය අතුරුදහන් බවට කියමිනුයි.
පැමිණිල්ලෙන් අනතුරුව විමර්ශන ඇරඹුනු පොලිසියට දැනගැනීමට ලැබුණේ දියණිය අවසන් වරට පියා සමඟ කාලය ගත කර ඇති බවයි.
අනතුරුව සැකකරු වූ පියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සිය දියණිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.
“..මම දුවව එක්කන් ගියා ළඟ කැලේකට..
ඊටපස්සෙ එයාට අතවර කළා...
හැබැයි එයා ඒකට කැමැත්තෙන් නෙවෙයි හිටියේ.
එයා කිව්වා මේක නෑදැයන්ට කියනවා කියලා. පස්සෙ තමයි මම එයාව මැරුවේ..
පහර දීලා මරලා එයා එක්ක ලිංගිකව එකතු වුණා..”
සැකකරු ලබා දුන් තොරතුරු අනුව දැරියගේ සිරුර සොයා ගත් අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |