ශ්‍රේෂ්ඨාධිකරණයටම ගිය TikTok තහනම.

TikTok Nepal World
By Wayomi Dec 06, 2023 09:22 AM GMT
Report

‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට නේපාල රජය ගත් තීරණයට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සම් 16ක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

‘ටික් ටොක්’ තහනම් කිරීමට රජය පියවර ගනු ලැබුවේ එහි ක්ෂණික හා දිගු කාලීන බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මත බවත්, එය සමාජ රෝගයක් සහ වසංගතයක් බවට පත්වී ඇති බවත් පවසමින්.

ශ්‍රේෂ්ඨාධිකරණයටම ගිය TikTok තහනම. | The Tiktok Ban Went To The Supreme Court

කෙසේ වෙතත් අධිකරණය දක්වා දුර දිග ගිය ‘ටික් ටොක්’ තහනම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ගොනු කරමින් නේපාලයේ අගමැති පුෂ්ප කමල් දහාල් ප්‍රකාශ කර ඇත්තේ එරට ඇති විය හැකි සමාජ අර්බුදයන් වළක්වා ගැනීමට මේ තහනම අත්‍යවශ්‍ය වූ බවයි.

ඒ අනුව නේපාල අගමැතිවරයා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ, ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ජාලයේ අහිතකර බලපෑම්වලින් සමාජය සහ ජාතිය ආරක්ෂා කිරීමට මේ පියවර ගත් බවයි.