ප්‍රබලයෙක්ගේ ධූරකාලය අදින් අවසන්..

Parliament of Sri Lanka Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Apr 30, 2022 07:30 AM GMT
Report

තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කිරීම අදින් (30) අවසන් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු තනතුරුවලින් ඉවත් වී, ස්වාධීන වීමට තීරණය කළ පසු, නියෝජ්‍ය කථානායක ධුරය ස්වාධීන තනතුරක් වුව ද, එම තනතුර ආණ්ඩු පක්ෂයෙන් යෝජනා වීම හේතුවෙන්, එම ධුරයෙන් ඉවත් වීමට තමන් මීට පෙර තීරණය කළ බවත්, එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

නමුත් තවමත් එම ලිපිය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, යළිත් ඊයේ (29) දිනයේ දී ලිපි දෙකක් ජනාධිපති සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යවා ඇති අතර, අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, එළඹෙන 04 වැනි දින පාර්ලිමේන්තු සැසියේ දී සිදු කළ යුතු පළමු කාර්යය වන්නේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරාපත් කරගැනීම බවත් රංජිත් සියඹලාපිටිය අවධාරණය කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join