අත්හිට වූ දෙයක් නැවතත් පෙබරවාරි 01 වෙනිදා.. - විශේෂ තීරණයක් මෙන්න.

Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Jan 19, 2024 01:13 PM GMT
Report

සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

අත්හිට වූ දෙයක් නැවතත් පෙබරවාරි 01 වෙනිදා.. - විශේෂ තීරණයක් මෙන්න. | The Suspended Strike Will Resume On February 1

ඒ අත්හිට වූ වැඩවර්ජනය පෙබරවාරි මස 01 වැනිදා යළි ආරම්භ කිරීමටයි.

ඊයේ (18) පැවැති විශේෂ සමුළුවක දී ඒ බව ඔවුන් සඳහන් කළේ ය.

මේ අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් කරාපිටිය රෝහලේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් පසුගිය 16වන දා සිදුකිරීමට නියමිතව තිබූ පිළිකා ශල්‍යකර්ම සඳහා එදින පැවති සෞඛ්‍ය සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබු බවයි, එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අදාළ අංශ දැනුවත් කර තිබු බව එම නිවේදනයේ සඳහන් ය.

අදාළ නිවේදනයේ ඊට පසුදින (17) වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිල කාමරයට යමින් සිටින විට, ඔහුට එරෙහිව සෞඛ්‍ය සේවකයින් විසින් තර්ජනයක් එල්ල කර තිබූ බවත් දැක් වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ නිවේදනයක්..!

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ නිවේදනයක්..!

Sponsored By Sarrita Jewellery

අත්හිට වූ දෙයක් නැවතත් පෙබරවාරි 01 වෙනිදා.. - විශේෂ තීරණයක් මෙන්න. | The Suspended Strike Will Resume On February 1