මැරතන් එකේදී මියගිය සිසුවාගේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය.
Ministry of Education
Death
School Incident
By Wayomi
පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවකු මිය යෑමේ සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සඳහන් කළා.
එලෙස මියගොස් තිබුනේ,අම්පාර තිරික්කෝවිල් පාසලක 16 හැවිරිදි සිසුවෙක්.
මෙම සිදුවීම වාර්තා වූයේ ද,මේ දිනවල පවතින උෂ්ණාධික දේශගුණ තත්ත්වය හේතුවෙන් එළිමහනේ ක්‍රියාකාරකම් සීමා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් බලධාරීන්ට නියෝග කර ඇති පසුබිමකයි.