සුසුමින් කුරුටු ගෑ ආදරයේ කඳුළු කතාව... දෙවන කොටස....
පළමු කොටස
ඔහුට තමන් දවස් කීපයකට කලින් පූස් පැටියාට පණු බෙහෙත් අරන් දුන් වෛද්‍යවරයාගේ සාප්පුව මතකයි.
ඔහු ඒ දිශාවට වාහනය පැදවුවා.
වෛද්‍ය සායනය ඉදිරිපිට වාහනය නැවැත්වූ සැනින් තරුණිය ඔහුගේ කුලී රථ ගාස්තුවවත් නොගෙවා ගොඩනැගිල්ල තුළට දිව ගියා. එම සිදුවීමෙන් ජේක් තව දුරටත් වික්ෂිප්ත වුණා.
‘‘හේයි... මගේ හයර් එක’’
ජේක් කෑ ගැසුවත් තරුණියට නොවෙයි එය ඇසුණේ. සායනය තුළට යම්දෝ, ඇය එනතුරු ඉඳිම්දෝ සිතමින් ජේක් මොහොතක් පොරොත්තු වුණා. ඒත් ඒ කිසිවකට එය වෙලාව නොවෙයි.
රක්ෂණ සමාගමෙන් පණිවිඩය ලද විගස කලබල වූ ජේක් ගේ කළමණාකාරවරයා ඔහුට කීපවරක්ම දුරකතන ඇමතුම් අරන් තිබෙන බව ජේක් දැක්කේ ඒ වෙලාවේ. ඔහු වාහනය හරවාගෙන එතැනින් පිටවී ආවා. වාහනය ටැක්සි ආයතනය වෙත භාර දීමෙන් පසුව කළමණාකාර වරයාගේ දෝස්මුරයට අඩුවක් නැතිව සවන් දුන් ජේක් පිටව ආවේ කළකිරුණු සිතින්.
නවාතැනට ආසන්නයේ පිහිටි ‘‘ජංගල්’’ අවන්හලෙන් බීර ජෝගුවක් පානය කර නිවසට පැමිණි ජේක් ඇඳට වැටුණේ රාත්‍රී ආහාරය ලෙස කිසිම දෙයක් නොගෙන. ඔහුට නින්ද ගියේ නෑ. ඔහු ජනේලයෙන් පෙනෙන රාත්‍රී නිව්යෝක් අහස දිහා බලාගෙන හිටිය දුම් වැටියක් උරමින්.
තෙරක් නොපෙනෙන තරු කැට මැද ඔහුගෙ සිතිවිලි පැටලිලා.
ඒ සිතිවිලි වල ඇඳුණේ හදිසියේම වාහනයට නැගුණු යුවතිය. පෙණුමින් ඇය ඉන්දියානු තරුණියක් වගේ පෙණුනෙ.
"ඇය කවුද?"
ජේක්ගේ සිත කුතුහලයෙන් ප්‍රශ්න කළා.
හදිසියෙම ජේක්ගෙ ඇස් නිදිබර උනා. ඔහු දුම්වැටිය අළු බඳුනට ඔබල සීතල කොට්ටය බදා ගත්ත. ................................................................................................................................................
අද කොටස ටිකක් කෙටියි.... ඊළඟ කොටස ටිකක් දිගට දාන්නම්....
දොස්තර ළඟදී මොකද වුණේ කියලා අඟහරුවාදට බලමු....