සුසුමින් කුරුටු ගෑ ආදරයේ කඳුළු කතාව. - පෙරවදන -

Love Today
By Wayomi Jul 21, 2023 11:28 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

නිව්යෝක් නගරයේ කෙළවරක ජීවත් වුණු "අනීතා" කියන්නෙ කවදාවත් පෙම්වතෙකුගේ ආදරය නොවිඳපු ලැජ්ජාශීලී ඉන්දියානු යුවතියක්. "ජේක්" කියන්නෙ කාත් කවුරුත් නැති, තනිවුණු, දඩබ්බර ඇමරිකන් ජාතික තරුණයෙක්.

ඔවුන් හමුවුණේ හරිම පුදුමාකාර විදිහට. "ජිමී" ත් "නන්දු" ත් නිසා තමයි ඔවුන් හමුවුණේ. කඩවසම් ජේක් එක්ක ආදරයෙන් බැඳුණු අනීතගෙ ජීවිතය හරි ඉක්මනට වෙනස් වුණා. ඒ වගේමයි ජේක් ගෙත්. මේක බොහොම පුංචි ආදර කතාවක්.

ගැහැණියකගේ විශාල ආදරයක් ගැන කියන හරිම ඇමරිකානු ආරේ සරල ආදර කතාවක්. ඒත්, හිතන්න එපා මේක කතාවක් විතරමයි කියල. කතාවක් කියන්නෙ ප්‍රබන්ධයක් වුණත්, ඒ ප්‍රබන්ධයේ උඩින් සහ යටින් දිවෙන්නේ අපේ ජීවිතය.

අපි ජීවිතයේ මුහුණදෙන, අහන දකින සහ අත්විඳින සියුම් දේවල් රැසක් එකට ගැලපුණාම එතන අපූරු කතාවක් ගොඩනැගෙනව. මේකත් ඒ වගේ බොහොම අනුවේදනීය ආදර වෘතාන්තයක්.

ළඟදීම ගගන තුළින් ඔබ කියවන්න සැරසෙන මේ කතාවේ අවසානය මේ වෙනකොට මං අතින් ලියවිලා අවසන්.

සම්පූර්ණයෙන්ම ලියා අවසන් වුණ කතාවක් තමයි ඔබ මේ කියවන්න ලෑස්ති වෙන්නේ. ඒත්, අමතක කරන්න එපා, ඉරණම් ගමනේ අවාසනාවන්ත එක් තැනකදී, ජේක්ගෙත් අනීතගෙත් සිහින මියගිය වුණත්, ඔබත් මමත් අතර ජීවත් වෙන මේ කතාවේ ඇත්තම චරිත තවමත් ජීවත් වෙන බව.

මේක මගේ පළමු නවකතාව. ගොඩක් කාලයක් තිස්සේ මගේ හිතේ ජීවත් වුණු චරිත කිහිපයක් තමයි මේ විදිහට මේ කතාව තුළින් දිගහැරෙන්නේ. ඉතින්, අනීතට සහ ජේක්ට මොකද වුණේ?? කවුද මේ නන්දු සහ ජිමී?? ඒ හැමදෙයක්ම දැනගන්න ඔයාලට පුලුවන්  ලබන සතියේ ඉඳන් හැම සිකුරාදාවකම හවස හතරට ගගන සයිට් එකට ගොඩවැදුනොත්.

සති කිහිපයක් පුරාවට කොටස් වශයෙන් අරගෙන එන මේ කතාව රසවිඳින්න එකතු වෙන හැටියට හැමෝගෙන්ම ආදරණීය ඉල්ලීමක් කරන්න අවසරයි.

අවසාන වශයෙන් එක දෙයක් කියන්නම්. "ඔයාට වැඩියෙන්ම ආදරය කරන කෙනෙක්ව කවදාවත් නැති කර ගන්න නම් එපා... මොකද.... එයාට ඒ තරම් ආදරය කරපු බව ඔයා දැනගන්නෙ ඔයාට එයාව නැතිවුණාට පස්සෙයි. එයා නැතිව ඔයාට ජීවත් වෙන්න බැරි බව ඔයා තේරුම් ගන්නකොට ඔයා පරක්කු වැඩියි. එතනින් පස්සේ, ඔයාගේ හීන හැම එකක්ම මැරිල යාවි..." 💞

මම දේවක....