සීඝ්‍රගාමී දුම්රියක ප්‍රමාදයක්.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
මඩකළපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ගමනාන්තයට ලගා වීමට පැය තුනකට අධික කාලයක් ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ ඊයේ (20) දින රාත්‍රී 8යි 15ට මඩකළපුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ මෙම ශීඝ්‍රගාමී දුම්රිය අද අලුයම ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී එන්ජිම කාර්මික දෝෂයකට ලක්ව තිබුණු බැවිනි.
මෙම දුම්රිය උදෑසන 4යි 50ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතව තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |