වැඩවර්ජනය නිසා සම්පූර්ණයෙන්ම අඩපණ වී ගිය ලංකාවේ තත්ත්වය මෙන්න.. (PHOTOS)

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Apr 28, 2022 05:48 AM GMT
Report

රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු ක්ෂේත්‍ර රැසක් අද(28) පැවැත්වෙන දීප ව්‍යාප්ත වර්ජනයට සහය පළ කර තිබෙනවා.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව ප්‍රකාශ කළේ, වරාය, දුම්රිය, සෞඛ්‍ය, බැංකු, වතු, ගුරු විදුහල්පතිවරු මෙන්ම, වෙළඳ කලාප ඇතුළු පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩ වර්ජනයට සහය පළ කර ඇති බවයි.

රට තුල උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව පලවා හරිමු යන තේමාව යටතේ මෙම වර්ජනය සිදුකෙරෙනවා.

මේ වන විට කොළඹ නගරය මුළුමනින්ම අඩාල වී ඇත.

දිවයින පුරා වෙළදසැල්, ආපනශාලා ඇතුළු සියලුම ස්ථාන වසා දමා ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery