ආපනශාලාව තුළ අනග රැඟුම් පෑ සැරයන්වරයාට සිදු වූ දේ.

Sri Lanka Police Deshabandu Tennakoon
By Piyumika May 23, 2024 10:14 AM GMT
Report

බිංගිරිය පොලිසියේ ආපන ශාලාව තුළ කාන්තාවක් බලහත්කාරයෙන් වැලඳ ගනිමින් ඇයට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බිංගිරිය පොලිසියේම සැරයන්වරයකු වන අතර ආපන ශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහු විසින්මය.

අදාල සිද්ධියට මුහුණ පා ඇත්තේ, බිංගිරිය පොලිසියේ කටයුත්තක් සඳහා පැමිණි 50 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ඒ පිළිබඳ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පැමිණිලි කර තිබෙනවා.

විදේශීය නඩු තීන්දු බලාත්මක කිරීම සම්බන්ධයෙන් මෙරටදී ක්‍රියාත්මක කරන්න යන නව නීතිය මෙන්න.

විදේශීය නඩු තීන්දු බලාත්මක කිරීම සම්බන්ධයෙන් මෙරටදී ක්‍රියාත්මක කරන්න යන නව නීතිය මෙන්න.


පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුන් නියෝගය මත වින්ධිත කාන්තාවගේ පැමිණිල්ල සටහන් කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැරයන්වරයා හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

එමෙන්ම ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු වැඩ තහනමකටද ලක්කර ඇති අතර කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් හා නියෝග මත කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ විසින් සැකකාර පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

...........................................

May you Like