මුහුද එකවර රළු වෙයි..මේ ප්‍රදේශ වල අය දැඩි අවදානයෙන් සිටින්න.

Sri Lanka Weather Sea The sea is getting rougher Uswetakeiyawa
By Aruna Jan 21, 2022 07:45 AM GMT
Report

උස්වැටකෙයියාව - මීගමුව මුහුදු තීරය අද අලුයම සිට දැඩි රළු ස්වභාවයක් ගෙන තිබෙන බව වාර්තා වනවා.

කෙසේ නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙය සාමාන්‍ය තත්වයක් බවයි.

එහෙත් දුන්ගල්පිටිය ප්‍රදේශයේ මහ වෙරළ, පුංචි වැල්ල ආදී ප්‍රදේශවල ධීවරයන්ගේ මාදැල් මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රදේශවාසීන් සහ ධීවරයින් ප්‍රකාශ කළේ, උස්වැටකෙයියාව මීගමුව මුහුදු ප්‍රදේශයෙන් අද අලුයම 2.00ට පමණ විශාල ශබ්දයක් ඇසුණු බවයි.

කෙසේවෙතත් නාරා ආයතනයේ සාගර විද්‍යා අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අරුල් ආනන්දන් මහතා ද කියා සිටියේ, මෙය සාමාන්‍ය තත්ත්වයක් බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now