දින 100ක් දිය යට වාසය කරන විද්‍යාඥයා.

United States of America World
By Madheeha_Naz May 16, 2023 06:01 AM GMT
Report

දින 100 ක කාලයක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ ගත කිරීමේ උත්සහයක නිරත විද්‍යාඥයෙකු පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා.

ඔහු නමින් ජෝෂප් දිතුරි ය, එසේම ඔහු වෘත්තියෙන් වෛද්‍ය පර්යේෂකයෙකු වන අතර කිමිඳුම් ගවේෂකයෙකු බව ද වාර්තා වී තිබෙනවා.

මොහුගේ මෙම පර්යේෂණයේ අරමුණ වෛද්‍ය විද්‍යාව සහ ජලජ පර්යේෂණ සම්මිශ්‍රණය කරමින් දකුණු ෆ්ලොරිඩා විශ්වවිද්‍යාල සිසුන්ට දැනුම ලබාදීම බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ වනවිට රැඳී සිටින්නේ, අමෙරිකාවේ කී ලාගෝ හි අඩි 30ක් ගැඹුරින් මුහුදු පත්ලේ පිහිටා ඇති ජූල්ස් හෝටලය තුළය.

අමෙරිකානු සාගර සම්පත් සංවර්ධනය කිරීමේ පදනමක් මගින් අනුග්‍රහය දක්වන නෙප්චුන් හන්ඩ්‍රස් ('Project Neptune 100') නම් ව්‍යාපෘතිය යටතේ ඔහු එහි රැඳී සිටිනවා.

 ජෝෂප් දිතුරි සාගර පත්ලේ පිහිටි ස්ථානය වෙත පැමිණියේ පසුගිය මාර්තු මාසයේ වන අතර ඔහු මේ වනවිට එහි දින 74ක කාලයක් රැඳී සිට තිබෙනවා.

එසේම ඔහු දින 100 සම්පූර්ණ කිරීම සඳහා  ලබන ජුනි මස 9 වැනිදා දක්වා සාගර පතුලේ හෝටල් කාමරයේ රැඳී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.


   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW