දුම්රිය මාර්ගයක් අසලින් යනවනම් ඔබ අනිවාර්යයෙන්ම හිතන්නම ඕනි දේ. - දුම්රිය අනතුරු ගැන ඇහෙන භයානකම කතාව.... (භයානක වීඩියෝ සහිතයි.)

Sri Lanka Train Crash Accident
By Gagana Aug 09, 2023 09:04 AM GMT
Gagana

Gagana

in රචනා
Report

මෙරට තුළ ඉතාම විශාල පිරිසක් ගමන්ක රන්නේ දුම්රියෙන්. මේ කාරණාව කාර්‍යාල වැඩ ආරම්භ වීමට පෙර සහ අවසන් වුණාට පස්සේ දැකගන්ම පුලුවන්. ඉතිම් මේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වන දුම්රියේ අපි කව්රුත් අවදානය නොකරන භයානක පැතිකඩක් තමයි දුම්‍ රිය අනතුරු කියලා කියන්නේ.

අද උදෑසන මීරිගම විල්වත්ත ප්‍රදේශයේදී කන්ටේනරයක් දුම්රියක ගැටී අනතුරක් සිදුවුණා. එය ඉතාම භයානක අනතුරක්. කෙසේවුවද මින් ජීවිත හානි වාර්තා වන්නේ නෑ.( මෙම අනතුර සිදුවන ආකාරය සහ අනතුරට අදාල වීඩියෝ පහතින් නරඹන්න.)


ඒ වගේම මීට දින දෙකකට කලින් 30 දෙනෙක් මිය ගොස් තිබුණේද පාකිස්ථානයේ භයානක රිය අනතුරකින් , දකුණු පාකිස්ථානයේ දී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..


ඒ වගේ ඔබට මතක ඇති මීට මාසයකට පමණ පෙරදි අපට අසන්නට ලැබුනේ ලොව භයනතම දුම්රිය අනතුරයි. ඒ ඉන්දියාවේන්.ඔෆීශා ප්‍රාන්තයේ සිදුවූ මේ භයානක දුම්රිය අනතුර සිදුවුණේ දුම්රිය තුනක් එකිනෙක් ගැටීමෙන්.

(ලොව පුරාම සිදුවූ දුම්රිය අනතුරු කිහිපයක් පහත වීඩියෝවෙන් නරඹන්න.)

ඒ වගේම අද දවසෙම දුම්රිය නිසා ජීවිතය අහිමි වුණු තවත් කතාවක් අපිට වාර්තා වෙන්නේ මහනුවර බදුල්ල ප්‍රධාන මාර්ගයෙන්.

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටි තරුණියක් ඊයේ උදැසන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචි කනපති අනුෂා දර්ශනි නැමති 28 හැවිරිදි තරුණියක් .

මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන තරුණියක් බව අනාවරණය වී ඇති අතර අදාළ තරුණිය වසර පහක කාලයක් හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ද පවත්වාගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.

එවැනි ආකාරයේ ඉතාම අවසනාවන්ත සිදුවීම් පවා දුම්රිය පාදක කොටගෙන ඇතිව තිබෙනවා.

මේ වගේම දුම්රිය අනතුරු මේ වන විට වසරකට ඉතමා විශාල ප්‍රමාණයක් වාර්ථා වෙනවා. ලංකාවෙන් අපිට වාර්තා වුණු දුම්රිය අනතුරු කිහිපයක් පහත වීඩියෝ වලින් නරඹන්න .

ගාලු කුමාරි දුම්රිය ත්‍රීරෝද රථයක් ගැටීම

"බෙල්එක වැදෙද්දි තමා දැම්මේ...."ජීවිතයක් බිලිගත් මාරක දුම්රිය අනතුර

කන්තලේදි සිදුවූ බිහිසුණු අනතුර...


දුම්රිය අනතුර නිසා එකම පවුලේ දරුවන් මෙලොව හැරගිය පුවත


මේ වගේ අනතුරු වලට මූලික වශයෙන්ම බලපාන්නේ සන්නිවේදනයේ දුර්වලතා. එසේම බොහෝ දුරට හදිස්සිය ඇතැම් අවස්ථාවල මිනිත්තුවක හදිස්සිය විශාල අනතුරකට මුල පුරන්න පුලුවන්.

මූලික වශයෙන් දුම්රිය අනතුරු ප්‍රධාන ආකාර 5 ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

01. දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවන අනතුරු

02. දුමරිය මාර්ගයට ඇතුළුකරන වෙනත් වාහන සමග ගැටීමෙන් වන අනතුරු.

03. දුම්රිය මාර්ගයේ සිටින වන අලින් දුම් රියේ ගැටී මරණයට පත්වීම.

04. දුම්රියේ ගැටී මිනිසුන් මරණයට පත්වීම

05. දුම්රිය හෝ දුම්රිය මාර්ගයේ තාක්ෂණික දෝෂයන් නිසා දුම්රිය පීලි පැනීමට ලක්වීම.

මේ ආකාරයෙන් වන අනතුරු වළක්ව ගැනීමට නම් අවදානය සහ නිසි ලෙස සන්නිවේදනය කිරීමත් ඉතාම විමසිලිමත්ව දුම්රිය මාර්ග අසලින් ගමන් කිරීමත් සිදු කළ යුතු වනවා.


- සිතුමිනී -