ලෝක කුසලානය පෙනී පෙනී ICC ය ක්‍රිකට් නීති වෙනස් කරයි.

Cricket
By Wayomi Sep 22, 2022 06:35 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලොවපුරා බොහෝ දෙනෙකුගේ ආදරය කරන ක්‍රිකට් ගැනයි මේ කියන්න යන්නේ. ඔන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් නීතිරීති කිහිපයක් වෙනස් කරලා තියෙනවා. හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලිගේ නායකත්වයෙන් යුත් පිරිමි ක්‍රිකට් කමිටුව (MCC), MCC හි 2017 ක්‍රිකට් නීති සංග්‍රහයේ යාවත්කාලීන කරන ලද තුන්වන සංස්කරණයේ ක්‍රීඩා නීතිවල වෙනස්කම් නිර්දේශ කරලා තියෙනවා.

ඒ අනුව එම අලුත් නීති එළඹෙන ඔක්තෝබර් පළමු වනදා සිට ක්‍රියාත්මක කරන බවයි ICC ය පවසන්නේ. ඒ වගේම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද පැවැත්වෙන්නේ මෙම නව නීති යටතේයි.

මොනවද ඒ නීති


උඩ පන්දු රැකීමේදී,

🏏 පිතිකරුවෙකු උඩපන්දුවක් ලබා දී දැවී යන අවස්ථාවකදී එම පන්දුවාරය නිම නොවේ නම් නව පිතිකරුවා ඊළඟ පන්දුව සඳහා පහරදීමයි.

🏏 මීට පෙර එම නීතිය පැවතියේ උඩපන්දුවක් ලබාදී පිතිකරු දැවී යන අවස්ථාවේදී උඩපන්දුව රැකගන්නා අවස්ථාව වනවිට පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා පැතිමාරු කරගැනීමේදී එකිනෙකා පසුකර ඇත්නම් නව පිතිකරු වෙනුවට පිටියේ රැඳී සිටි අනෙක් පිතිකරු පන්දුවට පහරදීම සිදුකළ යුතු බවටයි.


නව නිපන්දු නීතිය

🏏 මේ අතර පන්දු යවන්නා විසින් යොමුකරන ඕනෑම පන්දුවක් තණතීරුවෙන් ඉවතට යන අවස්ථාවක එය නිපන්දුවක් ලෙස හැඳින්වීමටද නව නීති තුළින් කටයුතු කර තිබෙනවා.

🏏 එමෙන්ම ක්‍රිකට් පිටියේ අතිශය දුර්ලභ අවස්ථාවක් වන පන්දු යවන්නා පන්දුව යොමුකිරීමට පෙර පිතිකරු දුවද්දී දවාගැනීමට හසුකරගැනීම සඳහා ඔහු දෙසට පන්දුව දමා ගැසීමක් සිදු කළහොත් එම අවස්ථාව මීට පෙර නිපන්දුවක් ලෙස හැඳින්වූ අතර එය ඉදිරියේදී නව නීතියට අනුව එය අජීවී පන්දුවක් ලෙස නම් කරනු ලැබෙයි.


මන්කාඩ් ක්‍රමය

🏏 මේ අතර මන්කාඩ් ක්‍රමයට දවාගැනීම මීට පෙර අසාධාරණ ක්‍රමයක් ලෙස හැඳින්වූ අතර එය නව නීතියට අනුව දුවද්දී දවාගැනීමක් ලෙස හඳුන්වා ඇත.


පිටියේ ස්ථාන මාරු කිරීම්

🏏 එසේම පන්දු යවන්නෙකු පන්දු යැවීමට දිව යන අවස්ථාවේදී එම කණ්ඩායමේ වෙනත් පන්දු රකින ක්‍රීඩකයෙකු පිටියේ ස්ථාන මාරු කරමින් චලනයක් සිදු කරයි නම් ඊට අදාළ පන්දුව අජීවී පන්දුවක් ලෙස නම්කි රීමට නව නීති ඔස්සේ බලය පැවරීමක් සිදුකර තිබේ.

🏏 ඊට අමතරව එවැනි චලනයක් සිදුකරන අවස්ථාවකදී පිතිකරණයේ නිරතවන කණ්ඩායමට ලකුණු 5ක් ලබාදීමට ද පියවර ගෙන ඇත.


පන්දුව ඔප දැමීම සඳහා කෙල ගෑම

🏏 මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් තාවකාලිකව තහනම් කර තිබුණු "පන්දුවේ ඛේටය තැවරීම" තවදුරටත් තහනම් කිරීමට මෙම නව නීති ඔස්සේ පියවර ගෙන තිබෙනවා.


ක‍්‍රීඩක ආදේශකයන්

🏏 මින් ඉදිරියට තරගයක් තුළ ක‍්‍රීඩක ආදේශකයක් සිදු වූ විට එම ආදේශ කරන ක‍්‍රීඩකයා හට අනෙක් ක‍්‍රීඩකයා සිදු කර ඇති දවා ගැනීම් සහ වැරදි අයත් වන අයුරින් නව නීති සකස් කර ඇත.


නව අජීවී පන්දු නීතිය

🏏 එසේම නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමු කරන පන්දුව අජීවී පන්දුවක් බවට පත්කිරීමට නව නීති යටතේ තීරණය කර තිබෙනවා.


පිටියට පිවිසෙන කාලයේ වෙනසක්

🏏 එක්දින සහ ටෙස්ට් පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුට පන්දුවට පහරදීම සඳහා සූදානම් වීම සඳහා ලබා දී තිබූ කාලය මිනිත්තු 2ක් දක්වා අඩුකිරීමට පියවර ගෙන ඇත.

🏏 එසේ නොවන අවස්ථාවන්හිදී ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාට අදාළ පිතිකරුට එරෙහිව කල් ඉකුත්වීමේ අභියාචනය විනිසුරු වෙත ඉදිරිපත්කිරීමට අවස්ථාව හිමිවනු ඇති. මීට පෙර එම කාලය පැවතුණේ මිනිත්තු 3ක් ලෙසයි.

🏏 කෙසේ වෙතත් විස්සයි විස්ස තරගවලදී පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුට පන්දුවට පහරදීම සඳහා සූදානම් වීම සඳහා ලබා දී ඇති තත්පර 90ක කාලය නොවෙනස්ව පවතී.    


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW