ඇහැලේපොළ වලව්වේ අයිතිය ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න.

Sri Lanka Cabinet
By Wayomi Apr 02, 2024 05:18 AM GMT
Report

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇති බවයි රජය සඳහන් කරන්නේ.

ඒ අනුව ඉදිරිපත් කර ඇති වාර්තාව මගින් ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානිය ශ්‍රී විභූතිය හා එම පරිසරයේ පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත් එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිත ව්‍යාපෘතියක් සකස් කර ඇත.

ඒ, හේතුවෙන් අදාල ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සුදුසු බවට නිර්දේශ කර ඇති අතර .