සැමගේ සෝ සුසුම් මැදින් අවසන් ගමන් ගිය සුරූපී කථිකාචාරිනියගේ මියයාමට හේතුව හෙළිවෙයි. - (VIDEO)

Accident Death
By Wayomi Feb 22, 2024 07:11 AM GMT
Report

පසුගිය 16 වැනිදා තලවතුගොඩ ප්‍රදේශයේදී හදිසි රිය අනතුරකට ලක්ව මියගිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා අංශයේ සහකාර කථිකාචාරිය - ලක්මිණි චූලොත්තමා බෝගමුව මෙනවියගේ මරණය හිස් කබලට හා මොළයට සිදු වූ හානි හේතුවෙන් සිදු වූ මරණයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසනවා.

අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානි, මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ අධීක්ෂණය යටතේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙහෙයවූ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ලසන්ත ගමගේ මහතා මේ බව සඳහන් කළා.

ඒ, අනුව ඉදිරිපත් වූ කරුණු අනුව හා මළ සිරුරේ දක්නට ලැබෙන මතුපිට තුවාල අනුව රථවාහන අනතුරකින් මෙම මරණය සිදු වී ඇතැයි නිගමනය කළ හැකි බව වෛද්‍ය ලසන්ත ගමගේ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,මුහුණේ හා දකුණු අත් වල සුළු සීරීම් ද, හිසේ පිටුපස සමේ සීරීමක් ද, තුවාලයක් ද මතුපිටින් දැකිය හැකි බවත්, අභ්‍යන්තර හිස් කබලේ පහළට පැල්මක් ද, එහි තැන් කිහිපයක පිපිරීම් ද, එනම්, ප්‍රධාන පිපිරීම් එකක් හා අනු පිපිරීම් දෙකක් ද සිදු වී ඇති බවත්, නහයෙන් ලේ ගලාගොස් ඇති බවත්ය.

ඒ අනුව, මොළය අභ්‍යන්තරයේ සිදු වූ රුධිර ගැලීම සහ හිස් කබලේ පහළ ප්‍රදේශයේ සිදු වූ භග්න (බිඳීම්) නිසා මොට බලයකින් ඇති වූ තෙරපුමක් නිසා මෙම මරණය සිදු වී ඇතැයි නිගමනය කළ හැකි බව වෛද්‍ය ලසන්ත ගමගේ අවධාරණය කර සිටියේ.