ජනපතිගේ කතාවකට නඩුවක්?..

Ranil Wickremesinghe Sri Lanka Supreme Court of Sri Lanka President of Sri lanka
By Piyumika Jun 23, 2024 03:15 AM GMT
Report

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පැවරීමට සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසා ඇති බවට වූ පුවතක් වාර්තා වේ.

මක්කම වන්දනාවේ ගිහින් හොර බඩු ගෙනා දෙදෙනෙක් කටුනායකේදී මාට්ටු..

මක්කම වන්දනාවේ ගිහින් හොර බඩු ගෙනා දෙදෙනෙක් කටුනායකේදී මාට්ටු..

ඔවුන් අවධාරණය කර අත්තේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් නොවෙන කාරණාවක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රකාශ කර ඇති බවයි.

එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී “කාන්තා අයිතිවාසිකම් ගැටගසා දැම්මා” වැනි කතාවක් ඔහු ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවැරීමටත් සූදානම් බවත් අදාල නීතීඥයින් පෙන්වා දී තිබේ.

පොල්කටු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්..

පොල්කටු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්..

එම සංවිධානයේ නීතිඥ සුනිල් වටගල  පවසා ඇත්තේ, විධායකයට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තුව තුළ සිදු කරන ප්‍රකාශ ඉන් පිටතදී සිදුකළ නොහැකි අතර ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතට පටහැනි බවය.

සටන පාවා දුන්න හසිත මල්ලිගෙ වෙඩිමට රන්ජන් අයියත් ගිහිල්ලා.. එහෙ ගිහින් කරපු දෙයට හැමෝම පුදුම වෙලා.. (VIDEO)

සටන පාවා දුන්න හසිත මල්ලිගෙ වෙඩිමට රන්ජන් අයියත් ගිහිල්ලා.. එහෙ ගිහින් කරපු දෙයට හැමෝම පුදුම වෙලා.. (VIDEO)

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥ සුනිල් වටගල , 

“රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්ද කඩන්න හැදුවා.

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ තීන්දුව ලබාදුන් ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයා ම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට අතුරු නියෝගයක් ලබා දුන්නා.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එම අතුරු නියෝගය ලබා දුන් විනිසුරුවරු තිදෙනා ම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් හමුවට ගෙන ආ යුතු බවට තමන්ගේ ගෝලයෙකු ලෙස සිටින ප්‍රේමනාත් සී. ‍දොලවත්ත යොදවා ප්‍රකාශයක් කළා.”

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව ප්‍රකාශ කරමින් ජනතාව ඉදිරියේ අධිකරණයට තිබෙන විශ්වාසය බිඳ දැමීමට ඔහු උත්සාහ කරමින් සිටිනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ කතාවට සම්පූර්ණයෙන්ම පටහැනි කතාවක් විවෘත තැනකදී කියනවා. “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබෙන තිීන්දුව නිසා මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබා ගන්න බැහැ.

ඒ තීන්දුව මේ රටේ ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවටත් පටහැනි ලෙස සලකළා. අපේ අරමුණ කාන්තාවටත් පිරිමි අයට හා සමාන අයිතිවාසිකම් සඳහා අවස්ථාවක් ලබාදීමයි. ජාත්‍යන්තර කාන්තා සංවිධාන සියල්ලම ඒ අරමුණෙන් ගෙනත් තිබෙනවා.

මගේ මතය අනුව ඒ ගිවිසුම්වලට බාධා කරන්න පාර්ලිමේන්තුවටවත් අධිකරණයටවත් විධායකයටවත් බැහැ. අපි කැපවෙලා ඉන්නේ ඒ අරමුණ ඉෂ්ට කරන්න. ඒ නිසා බයක් තියාගන්නේ නැතිව කටයුතු කරන්න මම පාර්ලිමේන්තුවේ සියලුදෙනාටත් කීවා.” ඔහු මේ කියන දේ හරි පැහැදිලියි.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් පිටතදී තනිකරම විකෘති අදහසක් කියනවා. එළියට ඇවිත් මේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී කාන්තා අයිතිවාසිකම් ගැට ගසා දැම්මා වගේ කතාවක්.

කාන්තා අයිතිවාසිකම් ගැන තීන්දුවේ සඳහන් නොවෙන දෙයක් එළියට ඇවිත් කියනවා. මේ කතාව සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්න සිදුවෙනවා.

විධායකයට ඕන ඕන ආකාරයට පාර්ලිමේන්තුව තුළ කියන කතා එළියට ඇවිත් කියන්න බැහැ.”