ජනාධිපති ආර්යාව ලෙස තම දියණිය නිළ වශයෙන් පත්කරයි..ජනපතිවරයෙක් කළ කිසිවෙකු නොසිතු දේ මෙන්න.(PHOTOS)

Pakistan World
By Aruna Mar 12, 2024 03:30 AM GMT
Report

පාකිස්තානයෙන් නව ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරී පත් වූ අසීෆ් අලි සර්දාරි, තම 31 හැවිරිදි දියණිය වන අසීෆා භූතෝ එරට ජනාධිපති ආර්යාව (First Lady) ලෙස නිල වශයෙන් නම්කර තිබෙන පුවතක් වාර්තා වනවා.

ඒ අනුව, අසීෆාට, ජනාධිපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද බුක්ති විඳිය හැකි වීමද විශේෂත්වයක්. සාමාන්‍යයෙන් ජනාධිපති ආර්යාවගේ ගෞරවය හිමිවන්නේ පොදුවේ ඕනෑම රටක ජනාධිපති බිරිඳටයි.

ජනාධිපති ආර්යාව ලෙස තම දියණිය නිළ වශයෙන් පත්කරයි..ජනපතිවරයෙක් කළ කිසිවෙකු නොසිතු දේ මෙන්න.(PHOTOS) | The President Makes His Daughter A Lady

කෙසේ නමුත් 2007 වර්ෂයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අලි සර්දාරිගේ බිරිඳ වන හිටපු අගමැතිනියකද වූ බෙනාසීර් භූතෝ ඝාතනයට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහු මේ වනවිට වැන්දඹුවක් බවට පත්ව සිටිනවා.

බෙනාසීර් භූතෝගේ මරණයෙන් පසු සර්දාරි නැවත විවාහ වූයේ නැත.

කෙසේ වෙතත් සර්දාරි පළමු වරට පාකිස්තානු ජනාධිපති බවට පත්ව කටයුතු කළ 2008 සිට 2013 දක්වා කාල සීමාවේ ජනාධිපති ආර්යාවගේ තනතුර පුරප්පාඩුව පැවතුණා.

එම කාලයේ අසීෆා නව යොවුන් වියේ පසුවිය ඒ අනුව, පාකිස්තානු දේශපාලන ඉතිහාසයට මෙය ඓතිහාසික තීන්දුවක් වන අතර, මීට පෙර එරට කිසිඳු ජනපති දියණියක් එරට ආර්යාව ලෙසින් කටයුතු කර නොතිබීම ද විශේෂත්වයක්.

කෙසේ නමුත්, මෙහි සුවිශේෂත්වය වන්නේ අසිෆ් අල් සර්දාරිට වැඩිමහල් දියණිය වන බක්තාවර් භූතෝ සර්දාරි සිටියදී, ආර්යාවගේ තනතුර ඔහුගේ බාල දියණියට පිරිනැමීමයි.

මේ වනවිට 68 හැවිරිදි වියේ පසුවන සර්දාරි, එරට 14 වැනි ජනාධිපතිවරයා ලෙස පසුගියදා දිවුරුම් දෙනු ලැබීය.

ඉස්ලාමාබාද්හි ජනාධිපති මන්දිරයේ පැවති එහි දිවුරුම් දීමේ උත්සවයට ඔහු සමග ඔහුගේ බාල දියණිය වන අසීෆාද එක්ව සිටියහ.

ජනාධිපති ආර්යාව ලෙස තම දියණිය නිළ වශයෙන් පත්කරයි..ජනපතිවරයෙක් කළ කිසිවෙකු නොසිතු දේ මෙන්න.(PHOTOS) | The President Makes His Daughter A Lady

අසීෆා පෙබරවාරි 08 පැවැති පාකිස්තානු මැතිවරණයේදී පාකිස්තානු මහජන පක්ෂයට (PPP) සක්‍රීයව දායක වූ තැනැත්තික වන අතර, එහිදී ඇය පක්ෂයේ හිටපු අගමැති අපේක්ෂකයා වූ ඇගේ සහෝදරයා වන බිලාවන් භූතෝ සර්දාරිට සහය ලබාදීම සඳහා දේශපාලන රැස්වීම්වලට පවා නායකත්වය දෙනු ලැබිණ.

විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ, ලෝක ඉතිහාසයේ බිරිඳ මිය ගිය ජනාධිපතිවරුන් ඊට දියණියන්ට, සහෝදරියන්ට මෙන්ම ලේලියන්ට පවා තම ජනාධිපති ආර්යාවගේ ගෞරවය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අවස්ථා රැසක් තිබෙන බවයි.

ඒ අතරින් බිරිඳ මිය ගිය හිටපු ඇමරිකානු ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් තම ලේලිය වන එමිලි ඩොනල්සන්ව ද ජනාධිපති ආර්යාව ලෙස නම්කරන ලෙස ඉල්ලා තිබේ.

එමෙන්ම තවත් ඇමරිකානු ජනාධිපතිවරු දෙදෙනෙක් වන චෙස්ටර් ආතර් සහ ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් යන අය තම සහෝදරියන්ව ජනාධිපති ආර්යාව කිරීමට අවසර ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.