වැසිකිළියේ දොර යැයි සිතා ගුවන් යානයේ දොර විවෘත කල මගියාට සිදු වූ දේ..

America flight Los Angerleas woshinton
By Sewvandhi Feb 14, 2022 04:20 PM GMT
Report

1717 ගුවන් යානය ඊයේ ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට වොෂින්ටන් දක්වා පියාසර කර ඇත. ඉන්පසුව අනපේක්ෂිත ලෙස යානය කැන්සාස් සිටි ගුවන් තොටුපළට හදිසි ගොඩ බස්සවා ඇත. 

යානය ගොඩබස්වන්නේ ඇයිද යන්න පිළිබඳව තොරතුරු ලැබුණු විටයි හෙළිවූයේ යානය තුළ කම්පන සහගත සිදුවීමක් සිදුව ඇති බවයි.  යානය පියාසර කරමින් තිබියදී යානයේ සිටි මගියෙක් නියමුවාගේ මැදිරියට ඇතුළු විය. 

ඔහු එහි ඇති පාලන බොත්තම භාවිතයෙන් යානයේ දොරක් විවෘත කිරීමට උත්සාහ කළේය. අනපේක්ෂිත ලෙස ගුවන් නියමුවා ඔහුව නැවැත්තුවා. 

ගුවන් සේවිකාවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය වහාම පැමිණ පුද්ගලයා පාලනය කිරීමට උත්සාහ කළහ.  ගුවන් සේවිකාවක් එම පුද්ගලයාගේ හිසට පහර දී ඔහු පාලනය කර ඇත. එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය යානයේ සිදුවීම තහවුරු කර ඇත. 

යානය ගොඩබෑමෙන් පසු සීඅයිඒ විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රැගෙන ගියේය. මගියා බීමත්ව සිටියාද, වැසිකිළියක් යැයි සිතා දොර අරින්නට උත්සාහ කළේද, එසේත් නැතිනම් හිතාමතාම එසේ කළේද යන්න පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now