මසක් වයසැති බිලිඳිය නිවසේ තනිකර දමා, පලා ගිය පාපතර මව..
මවු පිය රැකවරණයක් නොමැතිව ගාල්ල හබරාදුව ප්‍රදේශයේ නිවසක් තුළ මසක් වයසැති බිලිඳියක් අත්හැර දමා ගොස් තිබු පුවතක් වාර්තා වෙනවා. මේ පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනගැනීමට ලැබීමෙන් පසු ඔහු සිය කාර්ය මණ්ඩලය සමඟ එම නිවසට ගොස් බිලිඳියට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කයුතු කර තිබෙනවා.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එම නිවසට ඒමට පෙර බිලිඳියට අසල නිවසකින් කිරි ලබා දී තිබු බවයි වාර්තා වෙන්නේ.
35 හැවිරිදි මෙම බිලිඳියගේ මව දරුවා සමඟ පියාගේ නිවසේ සිට තිබෙන අතර එම නිවසේ සිට ඇත්තේ බිලිඳියගේ සීයා සහ වයස අවුරුදු 05ක් හා 8ක් වයසැති දරු දෙදෙනා පමණයි
ඉතුත් 11 වැනිදා උදෑසන බිලිදියගේ මව සියාට සහ මෙම දරු දෙදෙනාට බිලිඳිය බලාගැනීමට පවරා හබරාදුව නගරයේ රැකියාවට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙන අතර ඇය යලි නිවසට නොපැමිණි බවයි වාර්තා වෙන්නේ.
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමෝද් සිරිවර්ධන මහතා හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරිනියක් දැනුවත් කොට බිලිඳියගේ සීයා ලවා හබරාදුව පොලිසියට මේ පිළිබඳ පැමිණිල්ලක් ද කිරිමට කටයුතු කර තිබෙනවා. මව්පිය රැකවරණය අහිමිව සිටි බිලිඳිය කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමට වෛදය වරයා කටයුතු කර තිබු අතර බිලිඳිය හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද් සිරිවර්ධන මහතා සඳහන් කර සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |