ලොව මිල අධිකම පිළිකා නාශකය තියෙන්නේ ලංකාවේ බව දැනගෙන හිටියද?

Cancer Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Jun 19, 2022 05:14 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලොව බහුලව ව්‍යාප්ත වන මාරාන්තික පිළිකාව සුව කරන්න බැහැ. නමුත් මුල් කාලයේදී හඳුනාගෙන පමණක් සුව කළ හැකි පිළිකා වර්ග තියෙනවා. හැබැයි ඔය කොහොම වුණත් කාලයක් තිස්සේ ලංකාවේ ආයුර්වේදය තුළ ඔබ නොදන්නා දේශීය ඖෂධ තියෙනවා. ඒ ඖෂධ අතර ලෝකයේ මිල අධිකම පිළිකා නාශකය ලෙස හැඳින්වෙන අහු ප්‍රධාන තැනක් ගන්නවා.

අහු ශාකය අප රටේ වියලි කලාපයේ සුලබව දක්නට ලැබෙන ශාකයක්. සාමාන්‍යයෙන් අඩි 20ක් 30ක් පමණ උසට තරමක් විශාලව ගස වැඩේ.දිලිසෙන සුළු තරමක් විශාල පත්‍ර පිහිටයි.පෙති 5 ක් 6ක් සහිත සුදු පාට කුඩා මල් හට ගනී.කොලපාට මාංශල ඵලයක් හටගන්නා අතර ඉදුණු පසු කපපාටට හුරුයි.

ඉස්සර ඉඳන්ම රටේ මිනිසුන් අහු ශාකය ප්‍රයොජනයට ගත්තේ අනවින,කොඩිවින,හදි හූනියම්,ගුප්ත විද්‍යා ආදී මිත්‍යා සංකල්පයන් වලට විතරයි. නමුත් අහු කියන්නේ ඖෂධීය මෙන්ම ආහාරමය ගුණයක් සහිත ශාකයක්.

අප රටේ කෙසේ වෙතත් වෙනත් බොහෝ රටවල අහු ජනප්‍රිය පලතුරක්. ඉදුණු අහු හෙඩියෙහි යුශ වලින් නිශ්පාදනය කරන noni juice නම් පානය බොහෝ රටවල ඉතාම ජනප්‍රිය පානයයි.

අහු වල වටිනා ඖෂධීය ගුණ

? ගෙඩි වෙදකමේදී පැසවා යාමට පත්‍ර තලා ලබාගන්නා යුශ ආලේප කරනු ලබයි.

?  ගෙඩි වණ සඳහා අහු දළු, රතුළූණු, පොල් කිරෙන් අඹරා වණයේ බැඳීම සුදුසුයි.

? තුවාල ගොඩ වීමට සහ ශෝධනයට පත්‍ර තලා සාදාගත් පත්තුව භාවිතා කරයි.

? අහු ගැට තම්බාගත් ජලයට ලුණු මිශ්‍රකර කට සේදීමෙන් විදුරුමස් ශක්තිමත් වෙයි.අහු හැට පුලුස්සා ලබාගත් අඟුරු ලුණු සමග මිශ්‍රකර විදුරුමසේ ආලේප කිරීමෙන්ද විදුරුමස් දියවී යාම නැවතී ශක්තිමත් වේ.

? ළදරු අතීසාරයට ප්‍රතිකාර කිරීමට අහු දලු මී පැණි සමග මිශ්‍රකර බෙහෙත් පිළියෙල කරනු ලබයි.

? මැලේරියා උණට මෙන්ම දරුවන් වැදීමෙන් පසු මවට වැලඳෙන සූතිකා උණට අහු නැටි කශාය ගුණදායකය.

? අජීර්ණ ,අක්මා රෝග ,වකුගඩු රෝග,ප්ලීහා රෝග ,රක්තපිත්ත,කැස්ස,ඇදුම,රුධිර වහනය ආදී රෝග රැසකට ඖෂධ පිළියෙල කිරීමට අහු ශාකයේ සියළුම කොටස් යොදාගනී.

? ඉතා අධික මිලකට ලබාගත යුතු Erlotinib නම් පිළිකා නාශක බටහිර ඖෂධයටත් වඩා අහු ශාකයට පිළිකා නැසීමේ හැකියාව වැඩි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත.

? සිරුරේ ඇති වන වේදනාවන්ට සහනය සැලසීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, ආතරයිටිස් වේදනාවන්ට සුවය, තුවාල සුව කිරීමේ හැකියාව, මස් පිඬු වේදනාවන්ට සහනය, පිළිකාවට, අක්මා රෝග වලට සහ දියවැඩියාවට සහනය දෙනවා.

? ප්‍රාථමික පිළිකා සෛල නිෂේධනය කර දේහය ශක්තිමත් කරන, රුධිර පීඩනය පහත හෙලන හා හෘද හානි වැළැක්වීමට අදාළ ප්‍රතිබැක්ටීරියාමය ගුණ දක්වන, සෛල බිත්ති ශක්තිමත් කරන, අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය විධිමත් කරන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන අහු ඖෂධීය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ශාකයකි. Morinzhi නම් ස්වභාවික යුෂය අහු ගෙඩි වල තිබෙන අතර එය භාවිතාවෙන් රෝග වළක්වා ගත හැකි බව වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

? විෂහරණ තෛල නිපදවීමටද අහු ශාක කොටස් යොදාගනී.    


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW