ජනපති මන්දිරයෙන් සොයාගත් මුදල් ගැන අධිකරණයෙන් ලැබුනු නියෝගය..!

Gotabaya Rajapaksa Sri Lankan protests Sri Lanka
By Sewvandhi Jan 25, 2023 11:50 PM GMT
Report

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ(25) දිනයේදි, ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි 78 ලක්ෂ 50,000 ක මුදල සම්බන්ධයෙන් වන විමර්ශන, නිසි පරිදි සිදු කළ පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් එය ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළා. 

 පොලිස්පතිවරයාගේ එම නියෝගය නීති විරෝධී බවත්, එලෙස කිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න අද අධිකරණයේදී කරුණු පෙන්වා දුන්නා.

අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට තම අධිකරණය නියෝග කළත් එය මෙතෙක් සිදුකොට නොමැති බවද අද අධිකරණයේදී අනාවරණය වුනා.

අදාළ විමර්ශනය පොලිස් දෙපාර්තමේන්තුවේ කුමන අංශයක් කළ ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශ සටහන් කිරීම ඇතුළු නියෝග ප්‍රමාද කිරීමට හෝ මගහැරීමට කිසිසේත්ම සූදානම් නොවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එම කටයුතු ප්‍රමාද කළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නිසි පියවර තම අධිකරණය විසින් ගනු ලබන්නේ යැයි ද මහේස්ත්‍රාත් වරයා දැනුම් දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
 Join Now