ශ්‍රී ලංකික කාන්තාවන් රවටා ඕමාන් යැවූ මහ මොළකරු කොටු වූ හැටි.

CID - Sri Lanka Police
By Wayomi Nov 19, 2022 08:14 AM GMT
Report

විදේශ රැකියා සඳහා මෙරට කාන්තාවන් පිටත්කර යවා නීති විරෝධී ලෙස එම කාන්තාවන් ඕමාන් බලා රැගෙන ගිය පුද්ගලයෙක් අද(19) කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙම පුද්ගලයා ඕමානය රැකියා සඳහා නීත්‍යානුකූල නොවන ආකාරයට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් කාන්තාවන් රැගෙන යාම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ ගමන් තහනමක් ලබාගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබුණා.

ඒ අනුව අද(19) උදෑසන අබුඩාබි සිට ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේදී මොහු අත්අඩංගුට ගෙන කටුනායක පොලිසියට භාර දීමට කටයුතු කර තිබෙනවා .

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 44 හැවිරිදි විදේශීය රැකියා නියෝජිත ආයතන හිමිකරුවෙකි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW