මාර්ගයේ පැමිණි ලොරි මාරයාගෙන් තරුණ කථිකාචාර්යවරිය අද සදහටම මෙලොමෙන් සමුගන්නා මොහොත.. කථිකාචාර්ය පියා තැබූ සංවේදි සටහන (PHOTOS)

University of Kelaniya Accident Death
By Sithumi Feb 21, 2024 04:55 AM GMT
Report

ඇය නමින් ලක්මිණි බෝගමුව.. කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යක්. 1997 වර්ශයේ උපන් ලක්මිණි ගිය වසරේ පැවති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාදි ප්‍රදානෝත්සවයේදි සම්මාන දෙකක් සහ ශිෂ්‍යත්වයක් ලබාගෙන තිබුණේ ඉහළම ලකුණු ලබා ගනිමින්.

පසුව ඇය ඇගේ සුවිශේෂි දක්ෂතා නිසාම එම විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරියක් ලෙස තේරි පත් වනවා.

ලක්මිණි කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වනවා.

රූපයෙන් වගේම උගත්කමින් ඉහල ලක්මිණිට පසුගිය දිනක අවාසනාවන්ත ඉරණමක් අත් වුණේ ඇයවත් කිඓදු කෙනෙකු නොස්තූ ආකාරයෙන්.

මෙම සිදුවීම අපි ඔබට මින් පෙර වාර්තා කලා. මාර්ගය මාරු වීමට උත්සාහ කිරීමේදි ඇය ලොරි රථයක වැදී රෝහල් ගත කර තිබුණා.

ඇයවත් නොසිතූ ලෙස ඉතාම අවාසනාවන්ත ලෙස ඇයගේ මොළයට සිදුවූ අභ්‍යන්තර ලේ ගැලීමක් ඇතුළු අනතුරු හේතුවෙන් ඇය මීට දිනකට පෙර සදටහම මෙලොවින් සමුගෙන තිබුණා.

ජීවිතේ ලබන්නට හැකි සෑම දේම රූපය උගත්කම මිල මුදල් ඇය ලැබුවත් ඇය ඉතාම නිරහංකාර ආදරණීය චරිතයක් නිසාම ඇගේ විශ්වවිද්‍යාලයේ වගේම ඇගේ මිතුරියන් ඇයට හරිම ආදරෙයි.

කොහොම වුණත් ඇය සදටහම මෙලොව හැරගොස් අවසන්. කෙසේ වුවද ඇය එලෙස මෙලොව හැර යන්නේ ඇය වෙනුවෙන් බොහෝ දෙනෙකුගේ සිතේ ආදරය ඇති කරමින්.

ඒ ඇගේ හොද ගතිගුණ නිසාමයි. අද ඇගේ දේහය පිළිබදව ආගමික කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

පියා තැබූ සංවේදි සටහන පහතින් ......... අවමංගල දැනුම් දීමයි ...........පෙබ. 16 වෙනි දින හදිසි අනතුරකට ලක්ව පෙබ.18වෙනිදා දිවි සැරිය නිමා කළ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය ලක්මිණි චුලෝත්තමා බෝගමුව ( කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ දියණිය )

මෙනවියගේ දේහය පිළිබඳ ආගමික කටයුතු පෙබ.21 බදාදා සවස 3.00ට නිවසේ දී පැවැත්වේ.

භූමදානය සවස 5.00ට තලවතුගොඩ වැලිපාරේ පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

ලිපිනය 69/ 13, 10වෙනි පටුමග, වික්‍රමසිංහපුර ,(ITN අසල ) බත්තරමුල්ල.

GalleryGalleryGalleryGalleryGallery