විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 50කට රතු එළියක්..විදුලිය කපන අලුත්ම විදිය මෙන්න..

Sri Lanka Politician Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Aruna Dec 03, 2023 05:08 AM GMT
Report

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ පවසනවා.

ඔවුන් පවසන්නේ, මෙතෙක් කලක් රතු බිල්පත් නිකුත් කිරීමේදී මාස දෙකක් හෝ බිල්පත්වලට යම්කිසි සීමාවක් යනතුරු රතු බිල්පත් නිකුත් නොකළ බවයි.

විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 50කට රතු එළියක්..විදුලිය කපන අලුත්ම විදිය මෙන්න.. | The Latest Method Of Cutting Electricity

මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් ප්‍රතිපූර්ණ නොකරන නිසා ඒ ඒ විදුලි කලාපවලට අභිමත පරිදි ආදායම් එක්රැස් කර ගැනීමට උපදෙස් දී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් මාසයක් තුළ බිල් නොගෙවන අයට ද රතු බිල් යැවීමට සිදුව ඇති බවයි ලංවිම ඉංජිනේරුවෝ වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ.

ඒ නිසා මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට පමණ රතු බිල් ලැබෙන බවත් සෑම මොහොතකම ලක්‍ෂ දෙකකට වඩා වැඩි පිරිසකගේ විදුලිය සිඳලීමට සිදුව තිබෙන බවයි විදුලි ඉංජිනේරුවෝ වැඩිදුරටත් පවසා සිටින්නේ.