මෙතෙක් ලොව බිහිවූ සාර්ථකම නොපෙනී යන්න සැදූ නිර්මාණය එළියට..සමාජ මාධ්‍ය කැළඹූ දර්ශන..(VIDEO)
America
london
harry potter
Invisible
By Sewvandhi
ජනප්‍රිය ග්‍රන්ථයක් ඇසුරින් සැකසුණු හැරී පෝටර් චිත්‍රපට මාලාවට ආදරය නොකළ පුද්ගලයෙක් නැති තරම්. මෙමගින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ එහි ප්‍රධාන චරිත ත්‍රිත්වය හැරුණු කොට රසිකයන් බොහෝ සෙයින් ආකර්ෂණය කළ ඇඳුමක් විය.
එය නොපෙනී යාමට භාවිත කළ ඇඳුමය. එම චිත්‍රපට නිර්මාණයත් සමඟ ලොව පුරා බොහෝ පුද්ගලයින් විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් විවිධ අත්හදාබැලීම් සිදුකරනු ලැබීය.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය මේ වනවිට එහි සාර්ථක ඵල නෙලාගත් කණ්ඩායමක් සහ නිර්මාණයක් පිළිබඳව අනාවරණය කර තිබේ.
මෙම අද්විතීය නිර්මාණය සිදුකර ඇත්තේ ලන්ඩනයේ ස්ථාපිත සමාගමක් විසිනි. ඔවුන් පවසන්නේ මෙතෙක් ලොව නිර්මාණය කෙරුණු සාර්ථකම නොපෙනෙන පලිහ මෙය බවය.
එම සමාගම විසින් මේ පිළිබඳව ලොවට හඳුන්වා දුන් අයුරු පහතින්.
(වීඩියෝ දර්ශන - විදෙස් මාධ්‍යය)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |