රුසියානු ප්‍රහාරයෙන් විනාශ වූ ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය ගිනිගෙන විනාශ වන අයුරු පළමුවරට ලොවට අනාවරණය කරයි - එම දර්ශන මෙන්න..(VIDEO)

war ukrain Russian russia ukraine war russian
By Sewvandhi Mar 04, 2022 03:52 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

යුක්‍රේන සිහිනය ලෙසින් හඳුන්වනු ලබන ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය රුසියානු ප්‍රහාර හමුවේ ගිනිගෙන විනාශවී ඇති ආකාරය අද පළමුවරට රුසියානු මාධ්‍ය ලොවට අනාවරණ කළේය.

ඒ අනුව ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානාය වන ඇන්ටනොව් AN225 ගුවන්යානය මෙලෙස විනාශයට පත්ව ඇත. යුක්‍රේන සිහිනය ලෙස හැඳින්වුණු මේ යානාව විනාශයට පත්වුණේ හොස්ටමෙල් ගුවන්තොටුපොළේ නවතා තිබියදීය.

රුසියානු මාධ්‍යවේදිනිය එම වාර්තාකරණයේ නිරතවන අවස්ථාවේදීත් එහි දරුණු ගැටුම් සිදුවිය.  මේ අතර  රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්වූ යුක්‍රේනයේ "Zaporizhzhia" න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගැනීමට රුසියාව අද (04) සමත්විය.

යුරෝපයේ පිහිටි විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන එය යුක්‍රේනයේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 50ක් සපයනු ලබයි. රුසියා - යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 9කි.

මේ අතර යුක්‍රේන- රුසියා දෙවැනි වටයේ සාම සාකච්ඡා ඊයේ බෙලරුස් හි බ්‍රෙස්ට් පළාතේදී පැවැත්වුණි. කෙසේ නමුත් සාකච්ඡා නිමා වී තිබුණේ අවසන් එකඟතාවකින් තොරවය.

එහිදී යුක්‍රේන රජය අපේක්ෂා කළ කිසිදු යෝජනාවකට රුසියාව එකඟවී නොමැති නමුත්, ගැටුම් හේතුවෙන් පීඩාවට පත් යුක්‍රේන සිවිල් වැසියන් ආරක්ෂිතව එම නගරවලින් ඉවත් කිරීමටත්, ඔවුන්ට මානුෂීය ආධාර ලබාදීමටත් ඉඩ සලසා දීමට රුසියානු නියෝජිතයන් එකඟතාව පළකර තිබුණි.

(වීඩියෝ - විදෙස් මාධ්‍යය)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now