ව්‍යායාම කරමින් සිටි තරුණයෙකුට දිවි අහිමි කළ අවාසනාවන්ත සිදුවීම.
Sri Lanka Police
Sri Lanka
Accident
Death
By Wayomi
බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයෙකු එහි දඟරය වැදී ගෙල කැපී යාමෙන් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ,පුත්තලම, පදිංචි ක්‍රීෂාන්තන් මෝසස් නැමති 33 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
මෙම තරුණයා කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහුගේ පියා විසින් ඔහුව ඥාතියෙකුගේ නිවසක තබා ගමනක් යෑම සඳහා පිටත් වී ඇත.
ඒ, අනුව සිය බාප්පාගේ නිවසේ සිටි එම තරුණයා බැලන්සය භාවිතයෙන් ව්‍යායාම කරමින් සිටියදී එහි ස්ප්‍රින් එක ගැලවී එය තරුණයාගේ ගෙලෙහි වැදී බරපතළ තුවාල සිදුවී තිබෙනවා.
පසුව ඥාතින් විසින් කඩිනමින් එම තරුණයාව පුත්තලම රෝහලට ඇතුළු කර තිබුණ ද ඒ වනවිටත් ඔහු මරණයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.