බීමතින් පැමිණි දෙදෙනා ඥාතියාගේ අවමංගල්‍ය රථය මිනියත් එක්කම පැහැරගෙන යයි...මෙරටින් ඇහෙන හතර බීරි කතාව

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 22, 2023 04:48 PM GMT
Report

බීමතින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මියගිය ඥාතියෙකුගේ සිරුර සමග අවමංගල රථය පැහැරගෙන ගොස් අතරමග දමා පලාගොස් යාමේ අපූරු සිද්ධියක් හක්මන පොලිසියෙන් වාර්තා වනවා.

පසුගිය  19  වැනි  දින හක්මන කැබිලිපොල ප්‍රදේශයේ පදිංචි  වයස 22 පමණ තරුණයකු හදිසියේ මිය ගොස් සිටි අතර මරණ පරික්ෂන කටයුතු වලින් පසු සිරුර පවුලේ ඥාතින්ට භාරදුන් අතර  අනතුරුව මිය ගිය තරුණයාගේ මෘත ශරීරය එම්බාම් කිරිම සදහා වලස්මුල්ල රෝහල අසල මල් ශාලාවකට භාරදී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

මල්ශාලා සේවකයින් සිරුර එම්බාම් කිරීමෙන් අනතුරුව එය අවමංගල රථයේ තබා මෘතදේහය නිවසට රැගෙන යාමට සූදානම් විම සදහා මල් ශාලාව තුලට ගොස් ඇති අතර එම අවස්ථාවේ එම ස්ථානයට බිමතින් පැමිණි මරණකරුගේ ඥාතින් දෙදෙනෙකු අවමංගල රථය රැගෙන පලාගොස් ඇති අතර මල්ශාලාවේ හිමිකරු වෙනත් වාහනයකින් අවමංගල රථය පසු පස ලුහුබැද ගොස් තිබෙනවා

එලෙස යන අතරතුරු පොලිසිය දැනුම්වත් කිරිමටද මල්ශාලා හිමිකරු කටයුතු කරනු ලැබුවා. අවමංගල රථය රැගෙන පලාගිය සැකකාර ඥාතින් දෙදෙනා මෘතදේහය සහිත රථය අතරමග දමා පලාගොස් සිටි අතර මල්ශාලා හිමිකරු එම ස්ථානයට ගොස්  මියගිය අයගේ සිරුර රැගෙන ගොස් පවුලේ ඥතින්ට භාරදිම සිදුකල බව පොලිසිය සදහන් කළා.

බීමතින් පැමිණ බලහත්කාරයෙන් මෘතදේහයක් පැහැර ගෙන ගිය  සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනිමට හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර තිබෙනවා.

- සිතුමි -