අධිවේගයේ සිදු වූ බිහිසුණු අනතුර.

Sri Lanka Police Accident Highways In Sri Lanka
By Wayomi Jan 04, 2024 11:27 AM GMT
Report

ඊයේ (03) රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ වෑන් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර තුනක් දුරින් මෙම අනතුර සිදුව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 සහ 32 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ මවක් සහ දියණියක්.

අධිවේගයේ සිදු වූ බිහිසුණු අනතුර. | The Horrific Accident On The Expressway

මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා වෑන් රථයෙන් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

මෙම අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරුත් කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුව ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

                                                                                            Sponsored By Sarrita Jewellery