ළගදිම පැවැත්වෙන උසස්පෙළ විභාගය තවත් මාසෙකින් කල් යයි..? නවතම ආරංචිය ගැන විශේෂ දැනුම් දීමක්...

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Sithumi Dec 17, 2023 12:36 AM GMT
Report

2023 වසරට අදාල උසස්පෙළ විභාගය පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ උසස්පෙල විභාගය තවත් සති හතරකින් කල් යන බවට සමාජ මාධ්‍ය වල විවිද සමූහයන් තුළ සාකච්ඡා වන පසුබිමකදියි. දරුවන් පිරිසක්ද විභාගය කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ පසු ගියදා ලිපියක්ද භාරදී තිබුණා.

කෙසේ වුවද අමාත්‍යවරයා උත්සවයකදි කියාඅ සිටියේ මෙවැනි දේ ටියුශන් ගුරුවරුන් විසින් සිදු කරන බවයි.

කෙසේ වෙතත් තවත් මසකින් සතියකින් යනාදි ලෙස විභාගය කල් යන බවට සමාජ මාධ්‍යයේ මෙන්ම උසස්පෙළ සිසුන්ගේ වට්සැප් සමූහ වල මත පල වුවද කිසිසේත්ම විභාගය කල් දැමීමක් නැවත සිදු නොවන බව අධ්‍යපන අමාත්‍යවරයා සදහන් කරනවා.

මේ වන විට විභාග අයදුම් පත්‍ර ද නිකුත් කර ඇති පසුබිමකදි එවැන්නක් සිදුවීමට ඉඩක් නොමැති බවයි අමාත්‍යවරයා ඊයේ කොළඹදි පැවති උත්සවයකින් අනතුරුව කියා සිටියා.

පාසල් දරුවන් නිවාඩු කාලයේ ගෙන්වා ගැනීම ගැන විශේෂ නිවේදනයක්..නිවාඩුවත් අහිමි වෙයි..

පාසල් දරුවන් නිවාඩු කාලයේ ගෙන්වා ගැනීම ගැන විශේෂ නිවේදනයක්..නිවාඩුවත් අහිමි වෙයි..

රට පුරා සියලුම පාසල් නිවාඩු සහ යළි පාසල් ආරම්භ වන දින ගැන විශේෂ දැනුම්දීමක්..

රට පුරා සියලුම පාසල් නිවාඩු සහ යළි පාසල් ආරම්භ වන දින ගැන විශේෂ දැනුම්දීමක්..