මහ රෑට ගෙවල්වලට පැනලා රත්රන් බඩු සොරකමේ ගිය පුද්ගලයෙකුට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 20, 2022 02:31 AM GMT
Report

රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සොරකම් කළ හමුදාවෙන් පලා ගිය බෝම්ඹුවල - කොස්හේන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා රාත්‍රී කාලයේ නිවෙස් වලට ගොස් ස්කුරුප්පු නියනක් භාවිතා කරමින් දොර ජනෙල් කඩා ඇතුල්වී රන්මාල, වලලු, මුදු , කරාබු සහ අත්පලදනා සොරකම් කර ඇති බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ ය.

ඔහු මතුගම , දොඩංගොඩ සහ මීගමුව පොලිස් වසම් තුල නිවාස බිදීම් කර ඇති අතර සොරකම් කරන ලද රන් ආභරණ අනුරාධපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වෙත උකස් කර තිබී සොයාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join