සතුටින් උපන්දිනයට කපපු කේක් ආහාරයට ගැනීම නිසා සදහටම දෑස් පියාගත් පුංචි මාන්වී. - (VIDEO)

India Death
By Wayomi Apr 03, 2024 07:36 AM GMT
Report

සිය උපන්දිනය සතුටින් සැමරූ දැරියක් පැය කිහිපයක් ඇතුළත මියයාමේ පුවතක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පදිචි මාන්වී නම් 10 හැවිරිදි දියණියකි.

අදාළ දියණියගේ උපන්දිනය පසුගිය මාර්තු 24 වැනිදා සමරු අතර ඇගේ දෙමාපියන් විසින් පටියාලා හි අඩලට් බසාර්හි බේකරියකින් කේක් ඇණවුම් කර මිලදී ගෙන තිබෙනවා.

අනතුරුව පස්වරු 7 ට පමණ නිවැසියන් විසින් කේක් කපා උපන්දිනය සැමරූ අතර කේක් කපා පැය කිහිපයක් ඇතුළත, එනම් රාත්‍රී 10 ට පමණ මුළු පවුලම රෝගාතුර වී ඇත.

එසේම මාන්වී දැරිය ඇයට අධික පිපාසයක් සහ කට වෙලුනු බවට පවසා නින්දට ගොස් ඇති අතර පසුදා උදෑසන දැරියගේ තත්ත්වය නරක අතට හැරුණු හෙයින් ඇයව රෝහලට ගෙන යනු ලැබුවා.