විදේශිකයෙකුට මෙරටදී ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරේ..
heroine
prisoner
Jail
SriLanka
Lathif iyush
By Sewvandhi
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 265 ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු මාලදිවයින් ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව ඊයේ (11) විභාගයට ගත් අවස්ථාවේදීයි. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණේ ලතීෆ් ඉෂුන් නැමැත්තෙකුටයි.
මෙම චෝදනාව එල්ල වී සිටි ශ්‍රීනාත් මොහොමඩ් නැමැති තවත් පුද්ගලයෙකු අදාළ චෝදනා වලින් නිදහස් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
2016 වසරේ අප්‍රේල් මස 22 වන දා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |