දෙදරු පියා තමන්ට ගිනි තියාගෙන - වාහනයටත් තියලා. - (VIDEO)
Sri Lanka Police
Sri Lanka
Fire
By Wayomi
බණ්ඩාරගම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සිය සිරුරට ගිනි තබාගෙන පසුව ත්‍රිරෝද රථයට ද ගිනි තබා තිබෙනවා.
ඉන් බරපතළ තුවාල ලැබු 54 හැවිරිදි දෙදරු පියා මේ වනවිට හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් බවයි වාර්තා වන්නේ.
පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.
අදාළ පුද්ගලයාගේ සිරුර දැඩි ලෙස පිළිස්සී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.