මේ වන විට පවතින මූල්‍ය ප්‍රතිපත්ති වල ප්‍රතිඵලය මෙන්න.

Central Bank of Sri Lanka Nandalal Weerasinghe
By Wayomi Nov 18, 2022 05:29 AM GMT
Report

මේ වන විට මෙරට සාමාන්‍ය උද්ධමනය 66% දක්වා අඩුවී ඇති බව මහබැංකු අධිපතිවරයා පවසනවා.

මීට මාස දෙකකට පෙර එය පැවතියේ 70%ක අගයකයි.

එමෙන්ම 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

ඒ අනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමඟ මෙම අගය ලබන වසර අගවන විට 4 - 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මහබැංකු අධිපතිවරයා මේ කරුණු කියා සිටියේ, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී පැවති මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW