වෛද්‍යවරයා සහ ඉන්ධන හල් සේවකයා අතර සිදු වූ ගුටිබැට හුවමාරුව..
වෛද්‍යවරයෙකු සහ ඉන්ධන හලේ සේවකයෙකු අතර ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා. එනම් ඉන්ධන ලබා ගැනීමට යාමේදී සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගැටුමෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා රෝහල්ගත කර ඇති අතර පහරදීමට සම්බන්ධ ඉන්ධන හලේ පොම්ප ක්‍රියාකරු ලෙස කටයුතු කළ සේවකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ, QR කේතයට ඉන්ධන ලබාගැනීමට යෑමේදී මෙම ගැටුම හටගෙන ඇති බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බවත්, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
පෙරේදා (15) අලුයම 5.20 ට පමණ අදාළ වෛද්‍යවරයා මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සඳහා තවත් තිදෙනෙකු සමග එම ඉන්ධන හලට පැමිණ තිබුණි. එහිදී QR කේතයේ ඉතිරිව ඇති රුපියල් 4,000ක ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලුම් කිරීමේදී දෙදෙනා අතර කතාබහක් සිදුවී ඇති බව අනාවරණය වූ බව පොලීසිය කියයි.
පසුව පිරවුම්හලේ ආරක්ෂක නිලධාරියාව ද තල්ලුකර දමා පොම්පකරුගේ කනට පහරක් එල්ලවී ඇති අතර එහිදී පොම්පකරු පොල්ලක් රැගෙනවිත් එළව එළවා පහරදී ඇති බවද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.
ගැටුම සිදුවන අවස්ථාවේ වෛද්‍යවරයා සමග පැමිණි තිදෙනා වෛද්‍යවරයා තනිකර පළාගොස් ඇති බවත්, පොම්පකරුට පහරදීම සම්බන්ධයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
පහරකෑ වෛද්‍යවරයා රෝහල්ගතව ඇති බවත් ඔහු බන්ධනාගාර රෝහලක රාජකාරි කරන අයෙකු බවටත් දැනගන්නට ලැබී ඇති බවද පොලීසිය කියයි. පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |