ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර රටාව වෙනස් වෙයි - ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් ප්‍රකාශයක්..!
ප්‍රධාන ආහාර වර්ගවල මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර රටාවල වෙනස්වීමක් දක්නට ලැබෙන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ එමගින් නිකුත් කෙරුණු ගෝලීය තොරතුරු හා පූර්ව අනතුරු ඇගවීම් පද්ධති වාර්තාවේ ඒ බව සඳහන්.
එහි ශ්‍රී ලංකාව පිළිබද පරිච්ඡේදයේ විශේෂයෙන් දක්වා ඇත්තේ ධාන්‍ය වර්ග සහ අනෙකුත් මූලික ආනයනික ආහාර නිෂ්පාදනවල මිල ගණන් පසුගිය සැප්තැම්බරයේ සිට ශීඝ්‍රයෙන් ලෙස ඉහළ ගිය අතර මේ වසරේ ජනවාරියේ උපරිම මට්ටමකට පැමිණ ඇති බවයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අව ප්‍රමාණ වීම ද ඊට හේතුවක්. මෙලෙස මිල ගණන් ඉහළ යාම අවදානම් කාණ්ඩයේ ගෘහස්ථයන් හි ආහාර සඳහා ප්‍රවේශය කෙරෙහි ඍණාත්මක ලෙස බලපා ඇති බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අදහසයි.
මේ අනුව එම කාණ්ඩයේ ලා ගැනෙන එවැනි ඔවුන්ගේ ආහාර පාරිභෝජනය අඩු කර ඇති අතර, නැතිනම් වඩාත් ලාභදායී එහෙත් පෝෂණයෙන් අඩු ආහාර වර්ගවලට යොමු වී තිබෙනවා.
එම තත්ත්වය ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය සහ පෝෂණ මට්ටම කෙරෙහි සමස්තයක් ලෙස ඍණාත්මක බලපෑමක් ඇති කරන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙනවා.
ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික කැලරි සැපයුමෙන් සියයට 40ක්, 12ක් සහ 10ක් සඳහා දායක වන සහල්, තිරිඟු සහ සීනි මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් මෙහිදී දැකිය හැකි බවයි එමගින් සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |