පැය 60 කට අධිකව ළිං කුහරයේ සිරව සිටි දරුවා, කුහරය තුළම දෑස් පියාගනී..!

India Accident
By Sewvandhi Dec 10, 2022 09:49 AM GMT
Report

 කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇදවැටුණු  ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ දරුවා මුදා ගැනීමට පැය හැටකට අධික කාලයක් පුරා ඉන්දීය හදිසි ආපදා අංශය උත්සාහ ගත්තද අට හැවිරිදි සාහුගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් අසමත් වී තිබේ.

දින හතරකට පෙර පටු ළිඳට ඇද වැටුණු 'සාහු' මිය ගොස් ඇති බවට ඉන්දිය මාධ්‍ය මේ වනවිට තහවුරු කර ඇත. කුඩා තන්මේ සාහු මෙසේ ළිඳට ඇද වැටී තිබුණේ සිය 12 හැවිරිදි සොහොයුරිය සමග ක්‍රීඩාවේ නිරතවී සිටියදීය.

එය සැලවූ වහාම පිරිස ළිඳ වෙත ගොස් තිබූ අතර ඒ වනවිට දරුවා සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පැය 40කට පමණ පසු ඔහුගෙන් කිසිදු ප්‍රතිවාරයක් නොලැබුණ බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now